ගොසිප්

‘කැරොලයින්’ කිරුළ අතහැරීම ගැන චන්දිමාල් කරුණු කියයි [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී වාද මතවාදවලට තුඩු දුන් සිදුවීම ගැන අවංක කණස්සල්ල පළ කරන බවත් , ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලයින් ජූරි සිය කිරුළ අත හැරීමට තීරණය කර ඇති බවත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය මේ බව දන්වා තිබේ.   

 

කිසිවෙකු සමග තමන්ට කිසිදු ආරෝවක් හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති බව ද එම වීඩියෝවක් නිකුත් කරමින් ඇය අවධාරණය කළාය.

කෙසේවෙතත් ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ විසින් සිය ෆේස්බුක් ගිණුමේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

“වැරදි වැටහිමක් පමනක් සමාජගතවමින් ඇත. මේ කියන්නේ , නුදුරේදීම මෙරටදී පැවැත්වෙන Mrs. World තරඟයේදී සම්මතය පරිදි කිරුළ ඊලඟ ජයග්‍රාහිකාවට පළඳවන බව මිස පසුගියදා සිදුවීම නිසා කිරුළ අත් හරින බව නොවේ.” චන්දිමාල් ජයසිංහ සිය ෆේස්බුක් ගිණුමේ කැරොලයින් ජුරිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සටහන් කර තිබුනේ මෙවන් සටහනක්.

ඒ අනුව පසුගියදා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ සිදුවීම අරභයා කැරොලයින් ජුරි සිය කිරුළ අත්හැරීමක් සිදුකොට නොමැති අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත Mrs. World තරගයේදී ජයග්‍රාහිකාව වෙනුවෙන් සිය කිරුළ ලබාදීම උදෙසා ඇය සිය කිරුළ භාරදී ඇති බව චන්දිමාල් ජයසිංහ සඳහන් කරයි.

ඔහු තබා තිබු ෆේස්බුක් සටහන පහතින්,

 

 

 

Related posts

නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම කුඩා ළමුන්ටයි

Mohamed Dilsad

රෝසි සේනානායක යළිත් එජාපයට

Mohamed Dilsad

නාවික සෙබළුන් රැසක් එකවර ආසාදිත වීමට හේතුව

Mohamed Dilsad

Leave a Comment