දේශීය

රන්ජන් වෙනුවට අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අජිත් මාන්නපෙරුම අද (09) දිවුරුම් දුන්නේය.   

පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරුවේ ආරම්භ වීමත් සමඟ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ ඔහු දිවුරුම් දෙනු ලැබීය.

ඊයේ ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.

සමගි ජන බලවේගයෙන් පසුගිය මහ මැතිවරණයට තරඟ කර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ 05 වන ස්ථානයට පැමිණි අජිත් මාන්නප්පෙරුම ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 47,212ක්.

 

Related posts

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Editor O

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කළ හැකි ක්‍රමවේදයක්…..!

Editor O

කොවිඩ් දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දූපතක් හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment