දේශීය

රන්ජන් වෙනුවට අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අජිත් මාන්නපෙරුම අද (09) දිවුරුම් දුන්නේය.   

පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරුවේ ආරම්භ වීමත් සමඟ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ ඔහු දිවුරුම් දෙනු ලැබීය.

ඊයේ ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.

සමගි ජන බලවේගයෙන් පසුගිය මහ මැතිවරණයට තරඟ කර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ 05 වන ස්ථානයට පැමිණි අජිත් මාන්නප්පෙරුම ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 47,212ක්.

 

Related posts

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි.

Editor O

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු සූදානම්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අක්කර 13ක රජයේ ඉඩමක්….?

Editor O

Leave a Comment