ගොසිප්

ඝාතකයින් ඇතුළට..ඇත්ත කියපු රන්ජන් එළියට -පාර්ලිමේන්තුව දැඩි නොසන්සුන් [VIDEO]

(UTV | කොළඹ) – රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ විවාදයකදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මිනිත්තු 05ක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියේය.   

මෙහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ඇතිවුයේ උණුසුම් සංවාදයක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කල අතර ඔහු කියාසිටියේ රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන අහෝසි කිරිමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

එය ඔහුගේ සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩ කිරීමක් බවටද විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

අනතුරුව කථානායකවරයා පැවසුවේ අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුව අභියෝගයට ලක් කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට රන්ජන් රාමනායක මහතාට අයිතියක් ඇති බවයි.

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහෝසි කිරීමට කථානායකවරයා ක්‍රියා කිරීම නිසා අද දිනයේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළදගෙන පාර්ලිමේන්තු සභාවට පැමිණියහ.

 

 

Related posts

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැපදී සම්පායෝ අයකර ගත් මුදල්

Mohamed Dilsad

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවේත්

Mohamed Dilsad

මන්ත්‍රී ධුරය නිසා දෙමළ ජාතික සන්ධානයත් බෙදෙයි

Mohamed Dilsad

Leave a Comment