Trending News

එක්සත් ජාතීන්ගේ 14වෙනි වෙසක් දින සැමරුම් උළෙල අද

(උදයම්,කොළඹ)  –  එක්සත් ජාතීන්ගේ 14වෙනි වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව අද (12) පෙරවරු 9.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ ශාලාවේදී ආරම්භ වේ.

” සමාජ සාධාරණත්වය සහ තිරසාර ලෝක සාමය හා බුදුදහම” යන තේමාව යටතේ මැයි 14වන දා දක්වා පැවැත්වෙන මෙම උළෙලේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතාය.
රටවල් 85කට අයත් බෞද්ධ නියෝජිතයින් දහසකට අධික පිරිසක් හා රාජ්‍ය නායකයින්  ගණනාවක් ද මෙම උළෙලට සහභාගී වෙති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ හා අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු මෙම සමුළුව අමතන අතර විශේෂ දේශනය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා විසින් පවත්වනු ඇත.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හා විදේශීය සංඝරාජ නාහිමිවරුන් සහ අන්‍යාගමික නායකයෝද මෙම අවස්ථාවට සහභාගි වෙති.

Related posts

Galle Road closed due to protest

Mohamed Dilsad

Sri Lankan caught with Indian passport

Mohamed Dilsad

No Deaths, 49 Hospitalized in North Mexico Aeromexico Plane Crash

Mohamed Dilsad

Leave a Comment