ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුවේ යතුරුපැදි අනතුරකින් සිව් දෙනෙකු මරුට

(උදයම්,පොළොන්නරුව)  – පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේදී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

ඊයේ රාත්‍රීයේ මෙම යතුරුපැදි  අනතුර සිදුව ඇත.

යතුරුපැදියේ ගමන් කළ සිව් දෙනා සිද්ධියෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාඔය, බැඳිවැව පදිංචි රොෂාන් මධුශංක(23), දිල්ශාන් කුරේ(24), නිශාන්ත සිල්වා (48) සහ තවත් අයෙකි.ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත.

අදාළ මෘත ශරීර පොළොන්නරුව මහ රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (12) සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

සමාජ මාධ්‍ය වල නිකුත්වූ ප්‍රචාර 90 අධික ප්‍රමාණයක් විමර්ශන සඳහා CIDට

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment