ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම වෙනුවෙන් මුද්දර 20 ක්

(උදයම්,කොළඹ)  – 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මුද්දර 20 ක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

ලොව පුරා සිටින බෞද්ධ ජනයාගේ අපරිමිත වන්දනාවට පාත්‍රවූ සිද්ධස්ථාන 20 ක් මේ තුළ නිරූපනය වේ.

Mes Aynak – AFGHANISTAN ,Somapur Maha Vihara, Paharpur – BANGLADESH ,Paro Takstang – BHUTAN ,Angkor Archaeological site – CAMBODIA,Yungang Grottoes – CHINA ,Buddhist Monuments at Sanchi – INDIA ,Borobudur Temple Compounds – INDONESIA, Horyu-ji Temple – JAPAN ,Town of Luang Prabang – LAOS ,Kek Lok Si – MALAYSIA ,Gandantegchinlen Monastery – MONGOLIA ,Bagan Archaeological Zone – MYANMAR ,Lumbini – NEPAL ,Taxila – PAKISTAN ,Ivolginsky Datsan – RUSSIA ,Kong Meng San Phor Kark See Monastery – SINGAPORE ,Haeinsa Temple Complex – SOUTH KOREA ,Lankathilaka Temple, Kandy – SRI LANKA ,Sukhothai Ancient City – THAILAND ,One Pillar Pagoda – VIETNAM

යන රටවල බෞද්ධ විහාරස්ථාන වල රූප මෙලෙස මෙම විශේෂ මුද්දර පෙලෙන් නිරූපනය වේ.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන්  මෙරට ප්‍රථම වතාවට ගෙවීගිය කාලය තුල මෙරට නිකුත් කල සියලු මුද්දර නිරූපිත සුවිශේෂී සැමරුම් ග්‍රන්ථයක්ද එළි දැක්වේ.

සමරු මුද්දර පෙළ සහ මෙම ග්‍රන්ථය 2017.05.12 වන දින ප.ව 12.00  තැපැල් තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු ආමාත්‍ය අබ්දුල් හලීම් මැතිතුමා ඇතුලු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී නිකුත් කිරීමට නියමිතය.

Related posts

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් පාසල්වල වැඩසටහන් සංවිධාන කෙරේ

Mohamed Dilsad

රියූනියන් දූපතට සංක්‍රමණය වූ 60ක් යළි පැමිණෙයි

Mohamed Dilsad

ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment