දේශීය

කැපුම් තුවාල සහිත මළ සිරුරක් ගල්කිස්සෙන් හමුවේ

(UTV | කොළඹ) – ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය පවසයි.    

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22 ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතව ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

Related posts

පොළොන්නරුව පොහොට්ටු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිත බහුතර සහාය රනිල්ට

Editor O

කුලියාපිටියේ වාහන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සැප් : 17 දා විවෘත කෙරේ. දිනකට වාහන 25ක් එකලස් කෙරේ.

Editor O

ඇවන් ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයටදින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment