දේශීය

අද කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට හිරු මුදුන් වෙයි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයකි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතියි.

අද දින (07) දහවල් 12:13 ට කොළඹ, මල්වාන, කොස්ගම, සීතාවක, මල්දෙනිය, රොසැල්ල, තලවකැලේ, සිතාඑලිය, ඇටම්පිටිය, පස්සර, වරලන්ද සහ පලාඩි කලපුව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related posts

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් – අයෙක් මරුට තිදෙනෙක්ට තුවාල

Mohamed Dilsad

ඩීසල්-භූමිතෙල් මිල පහළට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment