දේශීය

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් – අයෙක් මරුට තිදෙනෙක්ට තුවාල

(UTV |මහර) – මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයකින් එක් රැඳවියෙකු මියගොස් තවත් 03 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

තත්ත්වය පාලනයට කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 05 ක් එම ස්ථානයට පිටත්කර යවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

බන්ධනාගාරයේ පිටත ආරක්ෂක වළල්ලේ ආරක්ෂාව තහවුරු කිරීමයි එහි අරමුණ වී ඇත.

මහර බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.

රැඳවියන් අතර මෙම නොසන්සුන්තාවය හටගෙන ඇති අතර , බන්ධනාගාරයෙන් වෙඩි ශබ්ද කිහිපයක්ද ඇසුණු බව සඳහන්.

 

 

Related posts

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

ලෝකයේ එකම ඇමතිවරයෙක් සිටින කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි : කැබිනට්ටුවේ එකම ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියත් කරයි

Editor O

සැකකරුවන් තිදෙනෙකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment