දේශීය

කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා හදිසියේ මිය යයි

(UTV | කුරුණෑගල) – කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබේ.  

වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළේය.

මෘත ශරීරය වාරියපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ද ලක් කිරීමට නියමිතව ඇත.

 

Related posts

ඉන්දුනිසියාවෙන් දුම්රිය මැඳිරි 70 ක් හා බහාලුම් ප්‍රවාහණය සඳහා තට්ටු 20 ක්

Mohamed Dilsad

අමානුෂික ඝාතන දෙකක්

Mohamed Dilsad

ඝෝෂාකාරී වාදනයන් සිදුකරන බස්රථවලට අද සිට වැඩ වරදියි

Mohamed Dilsad

Leave a Comment