දේශීය

දුරගමන් සේවා බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

(UTV | කොළඹ) – කොළඹින් පිටත්වන දුරගමන් සේවා මගී බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇති බව පොලිසිය පවසයි.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ බස් රියදුරන්ගේ රිය ධාවනය නිරීක්ෂණය එහි ප්‍රධාන අරමුණ බවයි.

මේ අතර රිය අනතුරුවලින් ඊයේ දිනයේදී මෙරටින් පුද්ගල මරණ 07 ක් වාර්තා වී ඇත.

ඉන් වැඩිම අනතුරු ප්‍රමාණයක් යතුරුපැදිවලින් සිදුවූ අනතුරු වන අතර පොලිස් වාර්තාවලට අනුව අප්‍රේල් 10 වනදා සිට 20 වනදා දක්වා කාලය මෙරට තුල වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන කාලසීමාවයි.

 

Related posts

මඩකලපුව විශ්ව විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

Mohamed Dilsad

දුම්කොළ නිෂ්පාදන ගැන ප්‍රශ්නගත කරුණක්

Mohamed Dilsad

රන් මිල ස්ථාවරත්වයකට

Mohamed Dilsad

Leave a Comment