දේශීය

දුරගමන් සේවා බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

(UTV | කොළඹ) – කොළඹින් පිටත්වන දුරගමන් සේවා මගී බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇති බව පොලිසිය පවසයි.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ බස් රියදුරන්ගේ රිය ධාවනය නිරීක්ෂණය එහි ප්‍රධාන අරමුණ බවයි.

මේ අතර රිය අනතුරුවලින් ඊයේ දිනයේදී මෙරටින් පුද්ගල මරණ 07 ක් වාර්තා වී ඇත.

ඉන් වැඩිම අනතුරු ප්‍රමාණයක් යතුරුපැදිවලින් සිදුවූ අනතුරු වන අතර පොලිස් වාර්තාවලට අනුව අප්‍රේල් 10 වනදා සිට 20 වනදා දක්වා කාලය මෙරට තුල වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන කාලසීමාවයි.

 

Related posts

ප්‍රහාර එල්ල කළොත් පෙරළා ප්‍රහාර එල්ල කරනවා – මෝදිගෙන් පකිස්තානයට අනතුරු ඇඟවීමක්

Editor O

වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment