දේශීය

විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි

(UTV | කොළඹ) – වැලිගම සමූපාකාර ගබඩාවේ තිබූ විෂ සහිත පරිප්තපු තොගය විනාශ කිරීමට පියවරගත් බව වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.   

මනුෂ්‍ය ආහාරයට නුසුදුසු පරිප්පු තොගයක් අලෙවි කිරීම සඳහා ගබඩා කර ඇති බවට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් එම පරිප්පු සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තා ලබාගැමීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය අංශ කියයි.

අදාල පරිප්පු තොගය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා අනුව මෙම පරිප්පු මනුෂ්‍ය ආහාරයට සුදුසු නොවන බවට සදහන් විය.

ඒ අනුව අධිකරණ නියෝග මත අදාළ පරිප්පු කිලෝ 3150 ක් සමුපකාර සමිතියේ නිලධාරීන්ගෙ සහභාගිත්වයෙන් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගෙ අධීක්ෂණය යටතේ (01) දින වැලිගම කප්පරතොට කොම්පෝස්ට් පොහොර අංගනයේදී විනාශ කළේය.

මෙම පරිප්පු පුස් සහිත නිසා ඇප්ලටොප් විසබීජ සහිතයි ඒ නිසා පිලිකා කාරක ශරීරගත විය හැකි බව රසපරීක්ෂක වර්තාවල සඳහන් වේ.

 

Related posts

බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4 කදී ඇන්ටිජන් පරීක්ෂණ

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අල්ලස් ගනිද්දී අල්ලයි.

Editor O

Leave a Comment