විදෙස්

සතුන් සඳහාත් කොවිඩ් එන්නතක්

(UTV |රුසියාව) – සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවීමට රුසියාව පියවර ගෙන තිබේ.   

පසුගියදා ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමිවිය.

ලොව පුරා විවිධ සත්ත්ව විශේෂවලට කොවිඩ් ආසාදනය වීමේ සිදුවීම් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් වෛරසයට නිරාවරණය වීමට වැඩි අවධානමක් තිබීම හේතුවෙන් ඩෙන්මාර්කය ගොවිපොළ රැසක සිටින මින්ක් නම් මුගටි විශේෂයට අයත් මිලියන 17ක් මරා දැමීම දැඩි මතභේදයට තුඩුදුන්නේය.

එම කාරණා සැළකිල්ලට ගනිමින් විශේෂඥයින් පවසන්නේ සතුන් වෙනුවෙන් කොවිඩ් එන්නත අවශ්‍යතාව පහසුවෙන් බැහැර කළ නොහැකි බවය.

Related posts

ඩුබායි සති දෙකකට Lockdown කරයි

Mohamed Dilsad

තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

Leave a Comment