දේශීය

අහනෆ් ජසීම් ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි [LETTER]

(UTV | කොළඹ) – සිසුන්ට අන්තවාදී අදහස් පතුරුවා හැරීම සහ අන්තවාදී අදහස් ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින අහනෆ් ජසීම් තරුණයා සම්බන්ධයෙන් දින 8 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම කොමිසමට කළ පැමිණිල්ලක් අනුව මෙම දැනුම්දීම සිදු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ පිළිබදව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දෙසැම්බර් 09 වැනි දින එම කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ,ඊට අදාළව මාර්තු 29 වැනිදාද සවිස්තරාත්මකව ලිපියක් යවා ඇත.

අහනාෆ් ජසීම් රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින අතර , ඔහුට එරෙහිව වෙනත් පරීක්ෂණ සිදුකරන බව පවසමින් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

1996 අංක 21 දරණ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ විධිවිධාන ප්‍රකාරව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

 

Related posts

දේශීය ඖෂධ එක් කළ මුඛ ආවරණ ජනතාවට හඳුන්වාදීමේ සූදානමක්

Mohamed Dilsad

පුත්තලමට බලපෑ තද සුළඟකින් නිවාස 245කට හානි

Mohamed Dilsad

IMF නියෝජිතයෙක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment