දේශීය

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි පිරිසට ඇප

(UTV | කොළඹ) – 2016 මාර්තු 31 සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රවී කරුණානායක ඇතුළු පිරිසට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී ඇත.   

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.

 

Related posts

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment