දේශීය

රැකියා අවස්ථා අනිසි ලෙස භාවිතා කිරීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් ජනපතිට ලිපියක්

(UTV | කොළඹ) – රැකියා අවස්ථා 100,000 ක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අයථා ලෙස පරිහරණය කිරීම පිළිබඳව සොයා බලන ලෙසට සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ඒසීඑම්සී) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. 

ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමුකරමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මන්නාරම, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්ක වලින් සමන්විත වන්නි දිස්ත්‍රික්කයේ මහජනතාවගෙන් තමාට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි.

රැකියා වැඩසටහනේ පළමු අදියර සඳහා අපේක්ෂකයින් තෝරාගෙන තිබුණද ඊට පෙර අදාළ බලධාරීන් විසින් අවසන් වරට පවත්වන ලද මහ මැතිවරණය, ප්‍රතිලාභීන්ගේ නව ලැයිස්තුවක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

තෝරාගත් අපේක්ෂකයින් මීට පෙර අයදුම්පතක් ඉදිරිපත් කර හෝ අදාළ සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දී නොමැති බව ද අදාළ ලිපියෙහි සඳහන්ව ඇත.

දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියේ එකම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා නිලධාරීන්ගේ පෞද්ගලික වාසි තකා මෙම ව්‍යාපෘතිය අනිසි ලෙස භාවිතා කිරීම් වලක්වන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Related posts

ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි පොලිසියට

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

Mohamed Dilsad

වෙසක් සැමරුම් නිවසට පමණක් සීමා කරන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment