ගොසිප්

මේ ආණ්ඩුව ජනතාවට වස කවලා මිනී මරන්න හදනවා

(UTV | කොළඹ) – ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“රටේ ජනතාවට හිතාමතාම පිළිකා කාරක පොල් තෙල් නිකුත් කරනවානම් මම කියනවා ජාතික ආරක්ෂාවට ඒක ප්‍රශ්නයක්. අද ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ ත්‍රස්තවාදයටත් වැඩිය මේ ආණ්ඩුවේ සමහර ක්‍රියාකාරකම්. රටේ ජනතාවගේ ජාතික ආරක්ෂාව විනාශ කරපු ආණ්ඩුවක් බවට පත්වෙනවා. ආණ්ඩුවට මතක් කරන්න කැමති, ආණ්ඩුවල වගකීම ජනතාව විනාශ කිරීම නොව ජනතාව ජීවත් කරවීමයි. පැහැදිලිවම කියනවා සමගි ජනබලවේගය මේ රටේ පොදු ජනතාව ජීවත් කරවන්ට සිටිනවා පමණක් නොවේ අනිවාර්යෙන්ම මේ නින්දිත පහත් පොල් තෙල් දූෂණයට වංචාවට, කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුදෙනා අධිකරණය හමුවට ගෙනවිත් ඒ අයට යුක්තිය, සාධාරණත්වය, නීතිය ක්‍රියාත්මක වෙනතුරු අපි පැහැදිලිව ම මේ ප්‍රශ්නය පිළිබඳ අපි කථා කරනවා විතරක් නෙමෙයි රටේ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා වන ආකාරයට අපි ප්‍රජාතන්ත්‍රවාදී වීදී සටනක නියැලෙනවා කියලා කියන්න කැමතියි.

 

 

 

Related posts

ICBT අධ්‍යාපන ආයතනයේ සිසුවෙකුටත් කොරෝන

Mohamed Dilsad

නාමල්ටත් ඇමති ධූරයක්

Mohamed Dilsad

ඔමික්‍රෝන් ලංකාවටත්..?

Mohamed Dilsad

Leave a Comment