දේශීය

කුඩු සහ අවි තොගයක් සමඟ ‘රවිහංසි’ ඉන්දියාවේදී අත්අඩංගුවට [PHOTOS]

(UTV | ඉන්දියාව) – ඉන්දියානු වෙරළාරක්‍ෂක හා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය (NCB) විසින් කේරළ ප්‍රාන්තයේ විසින්ජම් වෙරළ ආශ්‍රිත මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක් , ඒ.කේ 47 වර්ගයේ ගිනි අවි 05 ක් සහ පතොරම් 1000 ක් ද රැගත් ශ්‍රී ලංකා බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබේ.   

එන්.සී.බී. ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ එන්.සී.බී. වෙත ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරු මත ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වන ‘රවිහංසි’මෙලෙස ඉන්දීය වෙරළාරක්ෂක බලකා අත්අඩංගුවට පත්ව ඇත.

මීට අමතරව අදාළ නෞකාවේ සිටි පුද්ගලයන් සන්තකයේ තිබී නීති විරෝධී ලියකියවිලි තොගයක් ද ඉන්දීය නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙතෙක් සිදුකරන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ, අදාළ හෙරොයින් සහ ආයුධ තොගය ඉරානයේ සිට පැමිණි නාඳුනන යාත්‍රාවකින් ‘රවිහංසි’ නම් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාව වෙත භාරදී ඇති බවයි. ඉන්පසුව ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ එම තොගය ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමයි.

එන්.සී.බී.යට අනුව සහ බුද්ධි තොරතුරු හා මේ දක්වා කරන ලද පරීක්ෂණවලින් පෙනී යන්නේ පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් මේ සඳහා සම්බන්ධ වී ඇති බවයි.

“මෙම අත්අඩංගුවට ගැනීම මත්ද්‍රව්‍ය ජාවාරම සහ අන්තවාදී කොටස් අතර ඇති සම්බන්ධතාවය ද හෙළි කරයි” යනුවෙන් එන්.සී.බී.ය සිය බුද්ධි තොරතුරුවලින් වැඩිදුරටත් සඳහන්කර තිබේ.

 

 

 

 

 

 

 

Related posts

අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන මිල ගැනත් දැනුම්දීමක්

Mohamed Dilsad

රට තුළ ඇති වී තොග ගැන සමීක්ෂණ වාර්තාවක් ජනාධිපතිට

Editor O

Leave a Comment