ගොසිප්

වීඩියෝවේ සිටින පුද්ගලයා මම නෙමෙයි – මේක දේශපාලන මඩ ගැසීමක්

(UTV | කොළඹ) – තමන් යයි පවසමින් කාර්යාලයක් තුල නිරුවතින් දිව යන පුද්ගලයකුගේ වීඩියෝව දේශපාලන මඩ ගැසීමක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.   

එය තමන්ට එරෙහි විරුද්දවාදීන් දේශපාලනික මඩ ගැසීම සඳහා කල කටයුත්තක් බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු පවසා සිටින්නේ මෙවන් කටයුතුවලින් තමන් පසුබසින්නේ නැති බවත්, තව තවත් ඉස්සරහට යන බවත්ය.

නිරුවතින් දිවයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ යයි කියන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය විය.

මෙම පුද්ගලයා සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන කාන්තාවකගේ සැමියා විසින් එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් එම වීඩියෝවේ සිටින්නේ කවුදැයි පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් නොමැත.

 

 

Related posts

ලොව සැපවත්ම මැතිවරණ පොරොන්දු ලබාදුන් ඡන්ද අපේක්ෂකයා

Mohamed Dilsad

රැඳවියෙකුගේ ගුද මාර්ගයෙන් සොයාගත් දුරකථනය

Mohamed Dilsad

රූකඩ මෙන් සිටියි නොහැකියි – හකීම් සමගි ජන බලවේගයේ සමනායකත්වය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment