ගොසිප්

වීඩියෝවේ සිටින පුද්ගලයා මම නෙමෙයි – මේක දේශපාලන මඩ ගැසීමක්

(UTV | කොළඹ) – තමන් යයි පවසමින් කාර්යාලයක් තුල නිරුවතින් දිව යන පුද්ගලයකුගේ වීඩියෝව දේශපාලන මඩ ගැසීමක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.   

එය තමන්ට එරෙහි විරුද්දවාදීන් දේශපාලනික මඩ ගැසීම සඳහා කල කටයුත්තක් බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු පවසා සිටින්නේ මෙවන් කටයුතුවලින් තමන් පසුබසින්නේ නැති බවත්, තව තවත් ඉස්සරහට යන බවත්ය.

නිරුවතින් දිවයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ යයි කියන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය විය.

මෙම පුද්ගලයා සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන කාන්තාවකගේ සැමියා විසින් එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් එම වීඩියෝවේ සිටින්නේ කවුදැයි පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් නොමැත.

 

 

Related posts

මාලිංග – තිසර සමාජ මාධ්‍ය ගැටුම ගැන ක්‍රිකට් ආයතනයේ අවධානය…

Mohamed Dilsad

සත්‍ය තත්ත්වය අවබෝධ කරගන්නා ලෙසට චන්ද්‍රිකාට දයාසිරිගෙන් ලිපියක්

Mohamed Dilsad

රන්ජන්ට හිර මැදිරියේ අමානුෂික වද දෙනවා – අගුණුකොළපැලැස්සට ගිය වෙදාරච්චි කියයි

Mohamed Dilsad

Leave a Comment