ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද සිට

(UTV | බටහිර ඉන්දියාව) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වීමට නියමිතය.    

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වේ.

අද ආරම්භ වන තරගය දෙරටටම වැදගත් වන්නේ මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වන බැවින්.

ශ්‍රී ලංකාව මෙතෙක් එරට දී කිසිදු ටෙස්ට් තරගාවලියක් ජය ගෙන නොමැති අතර, දෙවැනි ටෙස්ට් තරගය ජයගතහොත් කොදෙව් දේශයේ දී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වෙයි.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 21ක් පවත්වා ඇති අතර, ඉන් තරග 9ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ.

තරග 4 ක් කොදෙව්වන් ජය ගනිද්දී තරග 8ක් අවසන් වුණේ ජය පැරදුමකින් තොරවයි.

 

Related posts

මෙවර UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය Messi, Ronaldo පරදමින් Virgil van අත්කරගනී [PHOTO]

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment