දේශීයප්‍රමුඛ පුවත 1

අසාත් සාලි අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් කවුන්සිලයෙන් පොලිස්පතිට ලිපියක්

(UTV | කොළඹ) – අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අසාත් සාලි වැරදිකරු නොවන්නේ නම් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (MCSL), මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇති හිටපු ආණ්ඩුකාරවරයා පිළිබඳව මුස්ලිම් කවුන්සිලය විසින් පොලිස්පති (IGP) සී. ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යවා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාත් සාලි මෙන්ම, මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා, සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු රම්සි රසීක්, සහ කවියෙකු වන අහ්නාෆ් ජසීම් ඇතුළු බොහෝ මුස්ලිම්වරුන් මෙතෙක් චෝදනා ගොනු කිරීමකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින බවට මුස්ලිම් කවුන්සිලය පවසයි.

අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ රඳවා සිටින සෙසු සියලු දෙනාට චෝදනා ගොනු කොට හෝ නිදහස් කරන ලෙසත් මුස්ලිම් සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Related posts

සුදු වෑන් සිද්ධියට අදාල පුද්ගලයින් දෙදෙනා ද ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පියල් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

මැතිවරණවල අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීමට සාකච්ඡා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment