දේශීය

අන්තවාදී මත පැතිරවූ තවත් දෙදෙනෙක් TID අත්අඩංගුවට

(UTV | කොළඹ) – අන්තවාදී මත පැතිරවීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25) පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.   

මෙහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් වන අතර ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද පුද්ගලයෙකු බවද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර ඊයේ (25) දිනයේදී මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කර තිබූ පුද්ගලයෙකි.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බවට ද ඔහුව හඳුනාගෙන තිබේ.

සැකකරු කොළඹට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

Related posts

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයකටත් සංචරණ සීමා පනවයි

Mohamed Dilsad

රියදුරන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 428ක්

Mohamed Dilsad

Leave a Comment