දේශීය

නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් යාපනයෙන්

(UTV | යාපනය) – කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් යාපනය නගර සීමාවේ පිහිටි කඩ කිහිපයක් වසාදැමූ බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා පවසයි.   

මෙරටින් ඊයේ (25) වාර්තාවූ කොවිඩ් ආසාදිතයන් 271 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම සංඛ්‍යාව 77 ක්.

අදාළ පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වෙයි.

එසේම, ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනයේදී පුද්ගලයින් 13,382 දෙනෙකුට ලබාදී ඇත.

ඒ අනුව මේ දක්වා එන්නත්කරණය සිදුකර ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 869,709 ක්.

 

 

Related posts

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment