දේශීය

රාජගිරියේ මාරක රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

(UTV | කොළඹ) – අද (23) අලුයම 4.30 ට පමණ වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

අද අලුයම් කාලයේ වැලිකඩ ගුවන් පාලමත් ආයුර්වේද වටරවුම අතර කලාපයේ කොළඹ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් මාර්ගයේ ගමන් කරන වාහන පරීක්ෂාවක නිරතවී සිට තිබේ.

ඔවුන් මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී බත්තරමුල්ල දෙසින් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකරමින් අනතුරට පත්ව ඇත.

මෙම අනතුරෙන් හදිසි ඇමතුම් මාර්ග පරීක්ෂණ කණ්ඩායම භාරව සිටි පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා සහ පරීක්ෂාවට ලක් කරමින් තිබූ කුඩා ලොරි රථයේ සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Related posts

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල බස් 2,300 ක් ධාවනයට එක්කරයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් හිටපු ජනපති සහභාගි වු උත්සවයක් නවතයි

Mohamed Dilsad

තංගල්ලෙන් සුඛෝපභෝගී රථයක් සොයාගනී.

Editor O

Leave a Comment