දේශීය

මැතිවරණ කොමිසමෙන් හිටපු ජනපති සහභාගි වු උත්සවයක් නවතයි

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිසම විසින් අද (15) පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වීමට සුදානම් කර තිබු උත්සවයක් නතර කර තිබේ.

මෙලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ” 2019 වර්ශයේ විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයිමේ උත්සවය” මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිසකගේ මැදිහත් වීමෙන් නවතා දමා ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උත්සවයට සහභාගී වී අනතුරුව මැතිවරණ කොමිසමෙන් ලද නියෝගය පිළිගන්නා බව පවසමින් ඉන් පිටව ගොස් තිබේ.

මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකු ද එක්ව සිටි අතර, හිටිපු ජනාධිපතිවරයා උත්වයෙන් නික්ම යන තුරුත් ඔවුන් රැඳි සිටියේය.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

Mohamed Dilsad

විදේශයන් සිට පැමිණෙන සිසුන් සහ ගුරුවරුන් නිරෝධායන කාලයකට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට, තමන්ගේ සහතික පෙන්වීම තුට්ටු දෙකේ වැඩක් – හිටපු කතානායක ආචාර්යය අශෝක රංවල

Editor O

Leave a Comment