ව්‍යාපාරික

බංග්ලාදේශ මගී ගුවන් යානා නොබෝ දිනකින් කොළඹට

(UTV | කොළඹ) – පුද්ගලාන්තර සබඳතා, සංචාරක කටයුතු හා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා, වැඩි දියුණු කරන ලද ගුවන් සම්බන්ධතාවයේ වැදගත්කම වටහා ගත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙපාර්ශ්වයම දෙරට අතර වැඩිවන ගුවන් ගමනාගමන ඉල්ලුම සපුරාලීම සඳහා නොබෝ දිනකින් කොළඹට බංග්ලාදේශ ගුවන් යානා මගින් ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟ වී තිබේ.  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 මාර්තු 19 සිට 20 දක්වා දිනවල දී මහජන බංග්ලාදේශ ජනරජයේ දී නිරත වූ රාජ්‍ය සංචාරය පිළිබඳ ඒකාබද්ධ සන්නිවේදනෙයහි මේ බව සඳහන් වේ.

විශේෂයෙන් කලාපීය සංචාරක කර්මාන්තය ඇතුළුව, සංචාරක කර්මාන්තයේ පවතින සැලකිය යුතු අවස්ථා පිළිබඳව සඳහන් කරමින්, සංචාරක, අලෙවිකරණ සහ ප්‍රවර්ධන කටයුතු, බෞද්ධ චාරිකා සහ පෞද්ගලික අංශවල ඒකාබද්ධ ආයෝජන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සහ සංචාරක ක්‍රියාකරුවන් සහ දෙරටේ ආගන්තුක සත්කාර අංශයේ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් සංචාරක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා කටයුතු කිරීමට දෙරටේ නායකයින් එකඟ වී ඇත.

මෙම සන්දර්භය තුළ දෙරට අතර සංචාරක කටයුතු සඳහා සුඛෝපභෝගී වෙරළබඩ සංචාරක නෞකා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට බංග්ලාදේශය යෝජනා කර තිබේ.

 

Related posts

වාහන ආනයනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශය මෙන්න.

Editor O

මහ බැංකු අධිපතිගේ රුව AI වලින් හදලා : ජාවාරම්කරුවන්ගේ වැඩක් : රැවටෙන්න එපා – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලරය රුපියල් 202 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment