දේශීය

පස්සර මාරක බස් අනතුරෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට – [PHOTOS]

(UTV | බදුල්ල) – බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී අද (20) සිදුවූ රිය අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.  

ඒ අනුව අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


(UTV | බදුල්ල) – බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී අද (20) සිදුවූ රිය අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.  

ඒ අනුව අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

තුවාල ලැබූ සංඛ්‍යාව ද 31 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරු 07.15 ට පමණ මෙම අනතුර සිදුවී තිබූ අතර, ලුණුගල සිට කොළඹ දක්වා පැමිණි මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

බස් රථය තුළ සිරවී සිටින පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුමක්ද ආරම්භ කළේය.

අනතුර සම්බන්ධයෙන් පස්සර පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

 

Related posts

ජනවාරියේ විදුලි බිලට සහනයක්

Mohamed Dilsad

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් IOC සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයින් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment