විදෙස්

ටැන්සානියාවේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

(UTV| ටැන්සානියාව) – ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.   

මොහු ජීවිතක්ෂයට පත්වීමට හේතුව නිශ්චිතව සඳහන් කර නොමැති අතර ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

එරට උප ජනාධිපතිනිය විසින් නිවේදනය කලේ හෘද රෝගයක් හේතුවෙන් ජනාධිපතිවරයා දර් එස් සලාම් අගනුවර රෝහලකදී මියගොස් ඇති බවයි.

සති 02 කට ආසන්න කාලයක් ජනාධිපති මගුෆුලි මහතා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් විවිධ මතවාද පැතිර ගොස් තිබුණි.

ටැන්සානියාවේ විපක්ෂ ක්‍රියාකාරීන් සඳහන් කර තිබුණේ ඔහු කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවයි.

කෙසේවෙතත් එම වාර්තා නිල වශයෙන් තහවුරු කර තිබුණේ නොමැති බව විසෙස් මාධ්‍ය පවසයි.

ටැන්සානියාව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු සැඟවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, පසුගිය වසරේ මැයි මාසයෙන් පසුව ටැන්සානියා රජය එරට කොරෝනා දත්ත ප්‍රකාශයට පත් කර නොමැත.

 

Related posts

බ්‍රෙක්සිට් සැලසුමට ලබාදුන් කාලය දීර්ඝ වන ලකුණු…..

Mohamed Dilsad

ලැව්ගිනි ජීවිත 36ක් බිලිගනී

Mohamed Dilsad

නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවතට

Mohamed Dilsad

Leave a Comment