දේශීය

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ආබාධිත යුධ හමුදා සෙබලෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.  

එමෙන්ම බියගම ප්‍රදේශයේ ආපනශාලාවකට බලහත්කාරයෙන් ඇතුල් වී පුද්ගලයෙක්ට පහරදුන් බියගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර බද්දේගම දොලේකඩ ප්‍රදේශයේ රක්ෂිතයක දැව ජාවාමකට සම්බන්ධ බව කියන බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් පිළිබද පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.

Related posts

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

Mohamed Dilsad

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

තවත් සීමා කිහිපයක් ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment