ව්‍යාපාරික

සියලු BreadTalk අවන්හල් වසාදැමීමේ තීරණයක්

(UTV | කොළඹ) – RIL ප්‍රොපටීස් පීඒල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ප්‍රොපටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්‍රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අහිතකර වෙළෙඳපොළ වාතාවරණය හමුවේ ‍මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව එම නිවේදනයේ සඳහන්.

 

 

 

 

Related posts

දේශීය ඖෂධ නිෂ්පාදනයට නිෂ්පාදන සමාගම් 23ක්

Mohamed Dilsad

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වන කොටුවේ කුකුල් මස්

Mohamed Dilsad

Leave a Comment