විදෙස්

ඇමෙරිකාවේ ස්පා තුනක වෙඩි තැබීම් වලින් 8 දෙනෙක් මරුට

(UTV | ඇමෙරිකාව) – ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන ආයතන තුනකදී ඊයේ (16) සිදුව ඇති වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.  

අඟහරුවාදා පස්වරුවේ චෙරෝකි ප්‍රදේශයේ සම්බාහන ආයතන පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි.

ඉන් මද වේලාවකට පසු, ඇට්ලන්ටා ප්‍රදේශයේ සම්බාහන ආයතන දෙකකට එල්ල වී ඇති වෙඩි තැබීමෙන් තවත් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

චෙරෝකි ප්‍රදේශයේ වෙඩි තැබීම්වල සැකකරුවෙකු රාත්‍රී 8.30 ට පමණ ඇට්ලන්ටා සිට සැතපුම් 150 ක් දකුණින් ක්‍රිස්ප් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සම්බාහන ආයතන වෙත එල්ල වූ ප්‍රහාර එකකට එකක් සම්බන්ධ දැයි පොලීසිය විමර්ශන සිදුකරන අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

Mohamed Dilsad

ඩුබායි නගර සභාව විසින් නීති විරෝධී දුම්වැටි අලෙවියට තිත තබයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවත් රාජ්‍යන් කීපයකට පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment