විදෙස්

කිම් ජොන් අන්ගේ සොහොයුරිය ඇමරිකාවට අනතුරු අඟවයි

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයේ ජෝ බයිඩ්න් පරිපාලනයට උතුරු කොරියාව විසින් අනතුරු ඇඟවීමක් කර ඇත. 

ඒ උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ බලගතු සොහොයුරිය කිම් යෝ ජොන් විසින්.

උතුරු කොරියානු රජයේ නිළ පුවත්පතෙහි පළ කර ඇති ඇගේ ප්‍රකාශයට අනුව ඇමරිකාවේ නව පරිපාලනයට අනතුරු අගවා ඇත්තේ තම භූමිය තුළ වෙඩි බෙහෙත් දුගද පැතිර වීමට කටයුතු නොකරන ලෙසයි.

ඇය මෙම ප්‍රකාශය සිදුකළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ දකුණු කොරියානු සංචාරයට දිනක් තිබියදියි.

මීට අමතරව , පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑමක් සිදුකර ඇති බව එරට බුද්ධි අංශ වාර්තාවකින් හෙළි කර තිබේ.

රුසියාව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කර ඇති බවයි පිටු 15 කින් සමන්විත අදාළ වාර්තාව මගින් අනාවරණ කර ඇත.

එමෙන්ම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට එරෙහිව ජනාධිපතිවරණ සමයේදී චෝදනා එල්ල කර ඇත්තේ ද රුසියාව විසින්.

කෙසේ වෙතත්, චීනය ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී කිසිදු බලපෑමක් සිදුකර නොමැති බව ද ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවේ දක්වා තිබේ.

Related posts

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් සියරටට ගෙන්වා ගනී

Mohamed Dilsad

නේපාලයට ඇතිවූ ජල ගැලීම් වලින් 47 ක් මියගොස් 29 ක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

මුගාබේ ජනපති ධූරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment