දේශීය

කෝටි 2 ක හෙරොයින් සමග සැකකරුවෙක් රාජගිරියේදී STF අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  

වසය අවුරුදු 40 ක් පමණ වයසැති පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

දැනට ඉන්දියාවට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මෙම හෙරොයින් තොගය අයත් බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණ වී තිබේ.

බන්ධනාගාරගතව සිටින බත්තරමුල්ලේ සමිත නැමති තැනැත්තා විසින් මෙරට දී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඔහුගේ ගෝලයෙකු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

Related posts

බස්නාහිර පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක්

Mohamed Dilsad

සාගල රත්නායක ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ රෝගියෙකුට නැවතත් කොරෝනා ආසාදනය වේ

Mohamed Dilsad

Leave a Comment