දේශීය

අසාද් සාලිගේ මෝටර් රථයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබේ.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථයේ තිබී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහු මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙයි.

මුස්ලිම් නීතිය සම්බන්ධයෙ ඔහු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඊයේ මොහු අත්අඩංගුවට ගැනුනේ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මතයි.

 

Related posts

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නුදුරේදීම

Mohamed Dilsad

මහා මැතිවරණයට එරෙහිව ගොනු කල පළමු පෙත්සම හෙට කැඳවයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment