දේශීය

කොරෝනා එන්නතෙහි අතුරු ආබාධ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

(UTV | කොළඹ) – කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.   

රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් එම අධ්‍යනය සිදුකරන බවයි.

මෙරට එන්නත්කරණයට භාවිත කරන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මේ අතර , ගෙවුණු දිනයේ (15) මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 248 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්ය.

මේ අතර වැඩිම ආසාදිතයින් පිරිස්‍ මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 49 කි.

 

Related posts

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

Editor O

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment