දේශීය

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (15) ආරම්භ කෙරිණි.   

එමෙන්ම අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා අද පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කරන ලෙසට අධ්‍යාපන බලධාරින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

එම පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණි විවෘත වන්නේ ලබන අප්‍රේල් 19 වනදායි.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිසුන්ට පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉල්ලා සිටියේය.

 

Related posts

අජිත් ප්‍රසන්න ඇතුළු 3 ක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ඊයේ ආසාදිතයන් 662 අතරින් 502 දෙනෙකුම බස්නාහිර පළාතෙන්

Mohamed Dilsad

පොහොසත් රටේ අඩු මිලට අරක්කු අළෙවි කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ජාතික සංඝ සම්මේලනයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

Leave a Comment