දේශීය

අසාද් සාලි ගේ ප්‍රකාශය විමර්ශනයට CID යෙන් කණ්ඩායමක්

(UTV| කොළඹ) – අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරඇති බවය.

මෙරට නීතිය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් අසාද් සාලි මහතා විසින් පසුගියදා සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබුණි.

Related posts

මහ මැතිවරණයට පැෆරල් නිරීක්ෂකයින් 6000 ක්

Mohamed Dilsad

ධම්මික අද අවසන් තීරණය ගනී

Mohamed Dilsad

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට (30) මතුගම ආදාහනාගාරයේදී

Editor O

Leave a Comment