විදෙස්

ජෝජ් ෆ්ලොයිඩ්ගේ පවුලට ඩොලර් මිලියන 27 ක වන්දියක්

(UTV| ඇමරිකාව) – සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ නිරායුධ කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ සාමාජිකයන් වෙත ඩොලර් මිලියන 27 ක වන්දියක් පිරිනැමීමට ඇමරිකාවේ මින්නියාපොලිස් නාගරික කවුන්සිලය තීරණය කළේය.   

ඒ, ඊට එරෙහිව ජෝජ් ෆ්ලොයිඩ්ගේ පවුල වෙනුවෙන් ගොනුකර ඇති සිවිල් නඩුව අධිකරණ විභාගයකින් තොරව සමථයකට පත් කිරීම සඳහායි.

එලෙස නඩු විභාගය සමථයකට පත් කිරීම සඳහා නාගරික කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබුණි.

කෙසේ නමුත් ජෝජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරෙක් චවුවින්ට එරෙහි අපරාධ නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මකයි.

එහිදී වරදකරු වුවහොත් මෙම පොලිස් නිලධාරියාට වසර 65 ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකියි.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය ලොව පුරා වර්ණ භේදවාදයට එරෙහි උද්ඝෝෂණ රැල්ලකට හේතු විය.

 

 

 

Related posts

බුරවි පැමිණීමෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපල 3 ක් වැසෙයි

Mohamed Dilsad

ලොව කැලඹූ වැග්නර් නායකයා මියගිහින්

Mohamed Dilsad

චීන අත්අඩංගුවේ පසුවූ ඉන්දීය සෙබලුන් 10 දෙනෙකු මුදා හැරේ

Mohamed Dilsad

Leave a Comment