ක්‍රීඩා

ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙල විදේශීය ප්‍රේක්ෂකයන්ට තහනම් වෙයි

(UTV | ජපානය) – ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ට සහභාගී වීම තහනම් කර ඇතැයි කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.      

ජපානයේ කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත්,ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය මේ වසරට කල් දැමිණ.

ඒ අනූව, ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි 23 වැනිදා සිට අගොස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

එසේම, පැරා ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ, අගොස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වායි.

අමෙරිකාව සහ යුරෝපයේ ඇතැම් රටවලට සාපේක්ෂව ජපානයේ කොරෝනා ආසාදිතයන් අඩු වුවද, වෛරස ව්‍යාප්තියේ තෙවැනි රැල්ලකින් ද බලපෑම් එල්ල වීම සැලකිල්ලට ගනිමින් මෙලෙස ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම අත්හිටුවීමට සංවිධායක මඩුල්ල තීරණය කර ඇත.

උළෙල ආරම්භයේදී සාම්ප්‍රදායික ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමේ අවස්ථාවට ද විදේශීය ප්‍රේක්ෂකයන් ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබේ.

කෙසේ වුවද, මාධ්‍යවේදීන්ට උළෙල ආවරණය සඳහා සාමාන්‍ය පරිදි අවසර හිමිවන බවද සදහන් වේ.

 

Related posts

LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්

Mohamed Dilsad

LPL දෙවන අදියර ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා

Mohamed Dilsad

Leave a Comment