ව්‍යාපාරික

කොරෝනා හේතුවෙන් මල් අපනයනකරුවන්ගෙගේ ආදායම ඉහළට

(UTV | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද මල් අපනයන කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12ක ආදායමක් පසුගිය වසරේදී මෙරට ලැබී ඇති බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය පවසයි.  

එම වසරේදී මල් අපනයන කර්මාන්තයෙන් වැඩිම ආදායමක් මෙරටට ලැබී ඇත්තේ නෙදර්ලන්තයෙන් වන අතර එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3 කි.

2019 වසරේදී මල් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 17ක ආදායමක් මෙරටට ලැබී ඇති අතර එය 2020 වර්ෂයට වඩා ඇමරිකානු ඩොලර් මිලියන පහක වැඩි වීමකි.

මෙරටින් මල් අපනයනය සිදුකරන ප්‍රධාන පෙළේ රටවල් අතරට ජපානය, සෞදි අරාබිය, මාලදිවයින, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය සහ තායිලන්තය ඇතුළත් වෙයි.

ඕකිඩ්, කානේෂන් සහ රෝස වැනි මල් වර්ග ප්‍රධාන වශයෙන් අපනයනය කරන මල් ගණයට අයත් වෙන බව අපනයන මණ්ඩලය පවසයි.

 

Related posts

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු අද යළි ඇරඹේ

Mohamed Dilsad

HNB SOLO ස්වයංක‍්‍රීය ගෙවීම් කටයතු සඳහා Lanka IOC සමඟ අත්වැල් බැඳ ගනී

Mohamed Dilsad

Leave a Comment