දේශීය

දෙයියන්දර දී හෙරොයින් කිලෝ 68ක් සමඟින් යුවලක් අත්අඩංගුවට

(UTV | මාතර) – මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 68 ක් සමග සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සැකකාර කාන්තාව වයස අවුරුදු 38 වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක් වෙයි.

මේ සම්බන්දයෙන් මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර, දිවයිනේ දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සුළමුල මේ හරහා අනාවරණය කරගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

වෙළඳ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට ජනපතිගේ අවධානය

Mohamed Dilsad

කැබිනට් ඇමති කෙහෙළිය රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment