දේශීය

සාමාන්‍ය පෙළ නිමවීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීමෙන් වළකින්නැයි සිසුන්ට දැනුම්දීමක්

(UTV| කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගය අදින් නිමාවට පත්වෙයි.

පසුගිය පළමුවනදා ආරම්භ වූ විභාගය මධ්‍යස්ථාන 4513 කදී පැවැත්වෙන අතර පෙනී සිටිමට නියමිතවූ අපේක්ෂකයන් සංඛ්‍යාව 06 ලක්ෂ 22 දහස් 352 ක්.

අද දිනයේදී විභාගය අවසන් වීමෙන් පසු විභාග මධ්‍යස්ථානයේ දී හෝ එම පරිශ්‍රයේදී කළහකාරී ලෙස හැසිරෙන අපේක්ෂකයන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් විභාගය අවසන්වීමෙන් පසු සිසුන්ට සාමකාමීව විසිර යන ලෙසටත් , මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට විභාග ශාලාධිපතිවරුන් වෙතද අවශ්‍ය උපදෙස් දී තිබෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

විභාග මධ්‍යස්ථානවල සිදුවිය හැකි එවැනි සිදුවීම් පාලනය සඳහා පොලිස් නිලධාරින්ගේද සහය ලබා ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේය.

 

Related posts

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා බවින් ඉවතට

Mohamed Dilsad

ගෑස් නෞකාව තවත් ප්‍රමාද වේ

Mohamed Dilsad

කොවිද් මරණ ගණන 83 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment