දේශීය

රන්ජන් සමග සෙල්ෆි ගැසීමට ඉඩදුන්නනාට ජේලර්වරයාගේ වැඩතහනම්

(UTV | කොළඹ) – අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මන්ත්‍රී රන්ජන් රාමනායක සමග සෙල්ෆි ජායාරූපයක් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හට ඉඩ සැලසු බව කියන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දිනයේදී අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සැපදුක් බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා එහිදී සෙල්ෆි ජායාරූපයක් ගෙන ඇති අතර පසුව ඔහු එය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබුණි.

ඒ් අනුව බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා දැනුම් දී ඇත්තේ මේ සඳහා අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවත් සිරදඬුවම් විදින රැඳවියෙකු සමග ජායාරූප ගැනීමට ඉඩදුන් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබාදී ඇත.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් 186 දක්වා ඉහළට

Mohamed Dilsad

හෙට සිට ඇඳිරි නීතිය වෙනස් වෙයිද

Mohamed Dilsad

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලාංකික සිසුන් හට ජින්නා ශිෂ්‍යත්ව පිරිනමන ලදී

Mohamed Dilsad

Leave a Comment