ගොසිප්දේශීය

හෙට සිට ඇඳිරි නීතිය වෙනස් වෙයිද

(UTV |කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු අනෙකුත් පොලිස් බල ප්‍රදේශ  සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දිනයේ ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනකගේ අවධානය යොමුව තිබේ.

නමුත් එවැනි තීරණයක් ගැනීමට තවමත් පසුබිම සකස්ව නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිත බවයි.

දින තුනකට වඩා අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වේනම් එම ප්‍රදේශවලටත් හෙට දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි.

නමුත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරනු ඇති බවයි.

Related posts

රාමසාන් උත්සවය අද යි

Editor O

ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේත් මෙරටින් 950 ඉක්මවූ ආසාදිතයන්

Mohamed Dilsad

Leave a Comment