දේශීය

බදුල්ල පිළිකා වාට්ටුවෙන් තුන්වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

(UTV | බදුල්ල) – බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනයට ලක්වූ රෝගීන් අතුරින් තෙවැන්නාත් ඊයේ (07) රාත්‍රියේ ජීවිතක්ෂකයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පස්සර යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවෙන් පසුගිය දිනවල කොවිඩ් -19 ආසාදිතයින් 34 දෙනෙකු හඳුනා ගත් අතර රෝගීන් හා ඔවුන් රැකබලා ගැනීමට රැඳී සිටි පිරිසක් මෙන්ම ගැබිනි වෛද්‍යවරියක් ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් ඒ අතර විය.

මේ අතර පෙරේදා දිනයේ සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී තවත් ආසාදිතයින් දෙදෙනෙකු බදුල්ල මහ රෝහලෙන් වාර්තා වී තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ පිළිකා රෝගීන්ට කොවිඩ් වෛරසය ආසාදනයවීම බරපතළ තත්ත්වයක් බවයි. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවීම හේතුවෙන් අවදානම වැඩි බව ඔහු පෙන්වා දෙයි.

 

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

Mohamed Dilsad

බහින්බස්වීමක් ඝාතනයකින් කෙළවර වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහස

Editor O

Leave a Comment