දේශීය

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වන ලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

 

 

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර ඇති බවටද වාර්තාවී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

 

 

මෙය ඉතා බරපතළ කරුණක් බවත් මෙය මැතිවරණය කල් දැමීමේ උපක්‍රමයේ එක් කොටසක් ලෙස දකින බවයි ඔහු සඳහන් කළේ.

 

 

මැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ආණ්ඩුව ඉඩකඩ සකස් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට බවයි පැෆරල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

බැසිල් ඇතුළු තිදෙනා දිවි නැගුම නඩුවෙන් නිදහස්

Mohamed Dilsad

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 176 ක්

Mohamed Dilsad

Leave a Comment