දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (06) පෙරවරු 9 සිට හෙට (07) අලුයම 5 දක්වා පැය 20 කාලයක් කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය , රාජගිරිය , මොරගස්මුල්ල , ඔබේසේකරපුර , බණ්ඩාරනායකපුර , නාවල , කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග වල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේය.

අඹතලේ ජල පොම්පාගාරයේ සිට කොළොන්නාව දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් මීට හේතුවයි.

 

Related posts

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ඉඟියක්

Editor O

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

කොරෝනා අතරේ ඩෙංගු රෝගීන්ගේත් ඉහළ යෑමක්

Mohamed Dilsad

Leave a Comment