දේශීය

මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ

(UTV | ගම්පහ) – මෙරට පළමු ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් අද (05) ආරම්භ වෙයි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේදීයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ , මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් මෙම බලාගාරයෙන් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි

බලාගාරය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 කි.

මෙම බලාගාරයෙන් අවුරුදු 2 ක් ඇතුළත මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

දෙවන අදියරේදී වාශ්ප ටර්බයිනයක් හරහා තවත් මෙගාවොට් 130 ක් ජාතික පද්ධතියට එක්කෙරෙන අතර එය තවත් මාස 12 කදී අවසන් කිරීමට නියමිතයි.

2013 වසරින් පසු මෙරට තුළ කිසිදු විදුලි බලාගාරයක් ඉදි නොවීම ඛේදනීය තත්ත්වයක් බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

 

Related posts

තේ කර්මාන්තයේ ප්‍රවර්ධනයට, අචාර්යය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන මුදල් කාරක සභාවේ අවධානය

Editor O

ලංකාවේ තත්වය ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

ජනාධිපතිවරයෙක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට තිබූ අවස්ථාව අහිමි වුණා – මනූෂ නානායක්කාර

Editor O

Leave a Comment