දේශීය

බිළිඳිය පරිවාස භාරයට – පහරදුන් මවගේ මානසික වාර්තාවක් අධිකරණයට

(UTV| යාපනය) – පසුගියදා යාපනය ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව දරුවා ද සමඟ මාර්තු මස 9 වැනිදා දක්වා පරිවාස බාරයේ තබන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළේය.

24 හැවිරිදි අදාළ කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට යාපනයේ පදිංචියට පැමිණ ඇති අතර, කාන්තාවගේ සැමියා විසින් කුවේට් සිට තමන්ට ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් මානසික පීඩනයකට ලක්ව සිටි බවට කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

කෙසේවෙතත් එම කාන්තාවගේ නිවස අවට ප්‍රදේශවාසීන් පවසා සිටියේ මෙලෙස කුඩා දරුවාට දින කිහිපයක්ම පහරදීමෙන් දරුවා හඩන ශබ්දය තමන්ට ඇසුණු බවටත් දරුවාට පහරදී එය වීඩියෝ කර විදෙස්ගතව සිටින සැමියාට යැවීමට මෙම කාන්තාව කටයුතු කරන බවයි.

මාස 09 ක් වයසැති බිළිඳා සහ මව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 09 වනදා දක්වා බිළිඳා සමග මවද පරිවාස බාරයට යොමු කිරීමටත් මවගේ මානසික වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර සිටියේය.

 

Related posts

වරාය අධිකාරියේ කටයුතු සාමාන්‍ය අතට

Mohamed Dilsad

දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කෙරේ

Mohamed Dilsad

පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment